පුනර්ජීවන යුගයේ විසූ ශ්‍රේෂ්ට චිත්‍ර ශිල්පීන් අතර රෆායල් සන්සියෝ ශිල්පියා............

රෆායල් සන්සියෝ ශිල්පියා

■පුනර්ජීවන යුගයේ විසූ ශ්‍රේෂ්ට චිත්‍ර ශිල්පීන් අතර රෆායල් සන්සියෝ ශිල්පියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මොහු වර්ෂ 1483 වර්ෂයේ දී ඌර්බිගෝ නැමති නගරයේ උපත ලැබුවේය.

■ ඇතැන්ස්හි ගුරුකුලය රෆායල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට බිතු සිතුවමක් වේ.

■මෙය රෝමයේ ස්ටැන්සා ඩෙලා සිගන්චුරා (Stanza della Segnatura) නැමැති ගොඩනැඟිලි බිත්තියකප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කරන ලද්දකි.

■ වාස්තු විද්‍යාත්මක අවකාශය මත රූප සම්පිණ්ඩනය කිරීම පිළිබඳ දක්වා ඇති කුසලතාව  සහ ප්‍රතිභාව නිර්මාණකරණයේ අග්‍ර ඵලයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.

■ චිත්‍රයෙන් දැක්වෙන්නේ පැරණි ගීක දාර්ශනික ඇතන්ස් ගුරුකුලය යි. සිතුවම මධ්‍යයේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ යන දාර්ශනිකයන් ය. සෙසු දාර්ශනිකයන් ද වාද විවාදවල පැටලි සිටින අයුරුපෙන්නුම් කරයි.

■ මෙම දාර්ශනික ලෝකය ක්‍රියාකාරී මානව රූප සම්පිණ්ඩනය මගින් ඉදිරිපත් කර තිබීම මෙම  සිතුවමේ දැකිය හැකි විශේෂතාවකි.

■දුඹුරු වර්ණයේවිවිධ ප්‍රභේද, අඳුරු කහ වර්ණවල විවිධ ප්‍රභේද, රඹ සහ සුදු ආදී වර්ණයන් සිතුවම සඳහා භාවිත කර ඇත.

ඇතැන්ස්හි ගුරුකුලය (School of Athens)


මැඩෝනා චිත්‍ර 

■ රෆායල්ගේ නිර්මාණ අතර ප්‍රකට තේමාවක් වූයේ මැඩෝනා හෙවත් කන්‍යා මරියතුමිය හා ජේසූ බිළිඳා දැක්වෙන නිර්මාණයෝ ය.

■ පුනරුද යුගයේ වෙනත් චිත්‍ර ශිල්පීන් නිර්මාණය කළ මැඩෝනා චිත්‍රවලට වඩා රෆායල් විසින් නිර්මාණය කරන ලද මැඩෝනා චිත්‍ර සුවිශේෂී නිර්මාණ ලෙස සැලකේ.

■ මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත නිර්මාණය කර ඇත.

■ ත්‍රිකෝණාකාර ආකෘතියක් මත හැඟීම් දනවනසුළු ප්‍රකාශනයන් සහිතව රූප පිහිටවීම මෙම
චිත්‍රවල විශේෂතාවකි.

■ ත්‍රිමාන ලක්ෂණසහිත වර්ණ භාවිතය මෙන් ම ප්‍රභාමණ්ඩලය හෙවත් හෙලෝව නිරූපණය
නොකිරීම ද නිර්මාණයන්හි දැකිය හැකි ලක්ෂණයන් ය. 

                                                                    මැඩෝනා 

මැඩෝනා ඩෙලා සේදියා

■ කවාකාර තලයක් මත ඇඳ ඇති මෙම සිතුවමෙන් මරිය මව්තුමියට තුරු`ඵ වී සිටින ජේසු බිළිඳාත් ඒ දෙස බලා සිටින ශාන්ත ජෝන් බැප්ටිස් ළදරුවාත් නිරූපණය වේ.

■ රූප ත්‍රිත්වය සමීප දර්ශනයක් ලෙස එක තලයක් තුළ සංරචනය කර ඇත.

■ මානව දේහයේ කායික සුන්දරත්වය මෙන් ම වස්ත්‍රවල විස්තරාත්මක ලක්‍ෂණ මැන්වින් නිරුපණය කර ඇත.

■මරිය මව්තුමියගේ කරුණාවන්ත බව හා සෙනෙහස මෙන්ම ළදරුවන්ගේ සුරතල් මොළකැටි හා පුෂ්ටිමත් ලක්ෂණ තාත්විකවාදී ස්වරූපයෙන් දැක්වීමට ශිල්පියා සමත් වී ඇත.

■රෆායල්ගේ අනෙකුත් මැඩෝනා චිත්‍රවල දැක්වෙන විස්තරාත්මක පසුබිම් භූමි දර්ශන වෙනුවට මෙම සිතුවමේ පසුබිම, ගැඹුර නිරූපණය නොවන ලෙස අඳුරු වර්ණයකින් දක්වා ඇත

තණපිටියේ සිටින මැඩෝනා

■ පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක ගහකොළ මල් සහිත සෑබෑ පිටිසර ගැමි පසුබිමක සාමාන්‍ය ගැහැනියක ලෙසරූපණය කීරීම මෙම නිර්මාණයේ සුවිශේෂත්වයකි.

■මරියතුමිය පිරුණු ශරීරයෙන් හා මෘදු සොම්නස් හා සෙනෙහසින් පිරුණු මුහුණකින් යුතු හැඟීම් ප්‍රකාශනය සහිතව ඉදිරිපත් කිරීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත.

■ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ මෙම සිතුවම ප්‍රදර්ශනයට තබා ඇත.










No comments:

Post a Comment