■මෙය රෝමයේ ස්ටැන්සා ඩෙලා සිගන්චුරා (Stanza della Segnatura) නැමැති ගොඩනැඟිලි බිත්තියකප්රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කරන ලද්දකි.
■ වාස්තු විද්‍යාත්මක අවකාශය මත රූප සම්පිණ්ඩනය කිරීම පිළිබඳ දක්වා ඇති කුසලතාව සහ ප්‍රතිභාව නිර්මාණකරණයේ අග්‍ර ඵලයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.
■ චිත්රයෙන් දැක්වෙන්නේ පැරණි ගීක දාර්ශනික ඇතන්ස් ගුරුකුලය යි. සිතුවම මධ්‍යයේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ යන දාර්ශනිකයන් ය. සෙසු දාර්ශනිකයන් ද වාද විවාදවල පැටලි සිටින අයුරුපෙන්නුම් කරයි.
■ මෙම දාර්ශනික ලෝකය ක්‍රියාකාරී මානව රූප සම්පිණ්ඩනය මගින් ඉදිරිපත් කර තිබීම මෙම සිතුවමේ දැකිය හැකි විශේෂතාවකි.
■දුඹුරු වර්ණයේවිවිධ ප්‍රභේද, අඳුරු කහ වර්ණවල විවිධ ප්‍රභේද, රඹ සහ සුදු ආදී වර්ණයන්
සිතුවම සඳහා භාවිත කර ඇත.
■ පුනරුද යුගයේ වෙනත් චිත්‍ර ශිල්පීන් නිර්මාණය කළ මැඩෝනා චිත්රවලට වඩා රෆායල් විසින් නිර්මාණය කරන ලද මැඩෝනා චිත්‍ර සුවිශේෂී නිර්මාණ ලෙස සැලකේ.
■ මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත නිර්මාණය කර ඇත.
■ ත්‍රිකෝණාකාර ආකෘතියක් මත හැඟීම් දනවනසුළු ප්රකාශනයන් සහිතව රූප පිහිටවීම මෙම
චිත්රවල විශේෂතාවකි.
■ ත්‍රිමාන ලක්ෂණසහිත වර්ණ භාවිතය මෙන් ම ප්‍රභාමණ්ඩලය හෙවත් හෙලෝව නිරූපණය
නොකිරීම ද නිර්මාණයන්හි දැකිය හැකි ලක්ෂණයන් ය.
මැඩෝනා
මැඩෝනා ඩෙලා සේදියා
■ කවාකාර තලයක් මත ඇඳ ඇති මෙම සිතුවමෙන් මරිය මව්තුමියට තුරු`ඵ වී සිටින ජේසු බිළිඳාත් ඒ දෙස බලා සිටින ශාන්ත ජෝන් බැප්ටිස් ළදරුවාත් නිරූපණය වේ.
■ රූප ත්‍රිත්වය සමීප දර්ශනයක් ලෙස එක තලයක් තුළ සංරචනය කර ඇත.
■ මානව දේහයේ කායික සුන්දරත්වය මෙන් ම වස්ත්‍රවල විස්තරාත්මක ලක්ෂණ මැන්වින් නිරුපණය කර ඇත.
■මරිය මව්තුමියගේ කරුණාවන්ත බව හා සෙනෙහස මෙන්ම ළදරුවන්ගේ සුරතල් මොළකැටි හා පුෂ්ටිමත් ලක්ෂණ තාත්විකවාදී ස්වරූපයෙන් දැක්වීමට ශිල්පියා සමත් වී ඇත.
■රෆායල්ගේ අනෙකුත් මැඩෝනා චිත්රවල දැක්වෙන විස්තරාත්මක පසුබිම් භූමි දර්ශන වෙනුවට මෙම සිතුවමේ පසුබිම, ගැඹුර නිරූපණය නොවන ලෙස අඳුරු වර්ණයකින් දක්වා ඇත
|
තණපිටියේ සිටින මැඩෝනා
|
■ පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක ගහකොළ මල් සහිත සෑබෑ පිටිසර ගැමි පසුබිමක සාමාන්‍ය ගැහැනියක ලෙසරූපණය කීරීම මෙම නිර්මාණයේ සුවිශේෂත්වයකි.
■මරියතුමිය පිරුණු ශරීරයෙන් හා මෘදු සොම්නස් හා සෙනෙහසින් පිරුණු මුහුණකින් යුතු හැඟීම් ප්රකාශනය සහිතව ඉදිරිපත් කිරීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත.
■ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ මෙම සිතුවම ප්‍රදර්ශනයට තබා ඇත.
Comments
Post a Comment