ස්ථූපයක ආරක්‍ෂාව සඳහා කරවන ලද ගෙය.......................


චේතියඝරය

  හැඳින්වීම


ස්ථූපයක ආරක්‍ෂාව සඳහා කරවන ලද ගෙය චේතියඝරය වේ. එය ථූපඝර, වටදාගෙය, ධාතුඝර, සෑ ගෙය ලෙසද හැදින්වේ. ථූපඝරය ඉදිකරන ලද්දේ ථූපය වටා ඇති කවාකාර බිමෙහි ස්ථූපය වටා කළුගල් කණු පේළි දෙකක් සිටුවා ඒ මත කවාකාර වහලක් ඉදිකිරීමෙනි. චේතියඝරයක් ඉදිකිරීමේ මූලික පරමාර්ථය වූයේ අව්වෙන් වැස්සෙන් චෛත්‍යය ආරක්‍ෂාකර ගැනීමය. එසේම චෛත්‍යය වන්දනාකරුවන්ට සෙවණ සැලසීමද චේතියඝර ඉදිකිරීමෙහි තවත් පරමාර්ථයක් විය.

ආරම්භයේදී කණු දැවයෙන් කරවා පසු කලක ගල් කණු යොදන්නට ඇතැයි සිතිය හැකිය. ගල් කණු අටපට්ටම්ය. ඇතැම් කණුවල මුල් කොටස හතරැස්ව ද අග කොටස අටපට්ටම්ව ද තනා ඇත. මේ කණුවල හිස් වෙනම නෙළා කුඩුම්භි වලින් කණු මුදුනට සවිකල බව පෙනෙයි. රවුම් හා අටපට්ටම් වූ මේ කණු හිස්වල සිංහ, හංස, හා වාමන රූප නෙළා ඈඇත. මෙහි වහල මුදුන අර්ධ ගෝලාකාර ය. දැවයෙන් නිමවා පැතලි උළු සෙවිලි කර ඇත.

ලංකාවේ ප්‍රථමවරට චේතියඝරයක් ඉදිකිරීම පිළිබඳව සඳහන් වන්නේ අනුරාධපුර යුගයෙහි දේවානම්පියතිස්ස රජ දවසය. දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාම චෛත්‍යය ආවරණයකොට චේතියඝරයක් ඉදිකළ බව මහාවංශයේ සඳහන් වේ. එම චේතියඝරය තිබුණු බවට ඒ වටා ඇති ගල්කණු සාක්‍ෂි වශයෙන් අදද දක්නට ලැබේ. පසුකාලීනව වසභ රජතුමාද ථූපාරාමයට ථූපඝරයක් කරවූ බව වංශකථාවල සඳහන්ය. මීට අමතරව වසභ රජතුමාගේ බිසවක වූ පොත්තා කුමරිය ශ්‍රී මහා බෝධි මළු‍වෙහි චෛතයයක් කරවා එයට චේතියඝරයක්ද කරවූ බව මහාවංශයේ සඳහන් වේ. මේ අනුව චේතියඝරය චෛත්‍යයට ආරක්‍ෂාවක් මෙන්ම අලංකාරයක්ද ගෙනදුන් බව පැහැදිලි වේ.

ධාතුඝරය වර්ථමාන ව්‍යවහාරයේ හැදින්වෙන්නේ වටදා ගෙය නමිනි. ධාතුඝර ව්‍යවහාරයට ථුපය හා බුදුපිළිමය ද අයත් වන බව පෙනේ. අනුරපුර දිස්ත්‍රික්කයේ හත්ථිකුච්ඡි විහාරයේ ථුපඝරය බුදු පිළිම රහිත ව තැනූ පැරණිම නිදසුන ය. සිවු වැනි අග්බෝ රජු සමයේ සාදන ලද මණ්ඩලගිරි (= මැදිරිගිරිය) විහාරයේ ස්ථුපයට කරවන ලද දාගෙයි  දිසා හතර මුහුණ ලා හිදි ධ්‍යාන බුදු පිළිම හතරක් ඇත. අත්තනගල්ලේ වටදාගෙය ද මෙලෙස ම සැකසී තිබෙන්නට ඇත. ශ්‍රී ලංකාවේ වටදා ගෙය  නිමවා ඇත්තේ ඉන්දියාවේ වටදාගෙවලට වෙනස්ව ය. වටදාගෙය වෙනුවට ඉන්දියාවේ පැවතියේ චෛත්‍යය ගෘහය යි. චෛත්‍යය ගෘහ ලංකාවේ දී මුළුමනින්ම නවීකරණය වී ඇත. භාරතයේ දී මෙන් පිහිටි කළුගලින් නෙලනු වෙනුවට  ස්ථුපය වටා කළු ගල් පේලි දෙකක් සිටුවා

ඒ මත කවාකාර වහලයක් ඉදි කිරීමෙන් ලංකා වටදා ගෙය සැකැසිණි. එහි බිම් සැලැස්ම ම්ළුමනින් ම කවාකාර විය. ශාලාවක් ඉතිරි නොවූ අතර, ඉඩකඩ ඇති ප්‍රදක්ෂිණා පථයක් ඉතිරි විය. හතර පැත්තෙන්ම  මළුවට නැගීම සදහා පියගැට පෙළ විය. එමෙන් ම සිවුදෙස බලා සිටින බුදු පිළිම හතරක් ද තැන්පත් කර තිබේ. දැනට මෙබදු වටදා ගෙවල නටබුන් හොද තත්ත්වයෙන් දක්නට ලැබෙන ස්ථාන ලෙස පොළොන්නරුව හා මැදිරිගිරිය දැක් විය හැකි ය. පැරණි චෛත්‍යය වටාඇති ගල් කණු වලින් හෙළ වන්නේ එය වට කොට වටදා ගෙයක් තිබුණු බව යි.

අනුරාධපුරයේ ථූපාරාමය, ලංකාරාමය, රාජාංගනය, මිහින්තලේ අම්බස්තලය, දීඝවාපිය, මැදිරිගිරිය, තිරියාය ගිරිහඩු සෑය, අත්තනගලු වෙහෙර හා පොළොන්නරුව වටදාගෙය ආදිය දැනට පවතින නටබුන් ය.

ථූපාරාම වටදාගෙහි බිම් සැලැස්ම.


අනුරාධපුරයේ ථූපාරාම ටදාගෙ