ඬේවිඞ් පේන්ටර් ශිල්පියාගේ නිර්මාණ අගයමු


  ඩේඩිඩ් පේන්ටර් ශිල්පියාගේ නිර්මාණ අගයමු

■ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රසිද්ධියට පත් ඩේඩිඩ් පේන්ටර් වර්ෂ 1900 දී උතුරු ඉන්දියාවේ ඇල්මෝරා හි දී ඉංග්‍රීසි ජාතික මිෂනාරි පියෙකුට හා සිංහල මවකට දාව උපත ලැබීය. ඔහු එංගලන්තයේ රෝයල් ඇකඩමියේ චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යාපනය ලබා ඇත. යුරෝපීය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවේ ස්වභාවිකවාදී චිත්‍ර කලා ආභාසය සහිතව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගෙන ඇත. ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඔහු ලංකා කලා සංගමයට අයත් අද්‍යතන යුගයේ චිත්‍ර ශිල්පියකුවේ.

ඩේඩිඩ් පේන්ටර් නිර්මාණ සඳහා වස්තු විෂය වූ තේමා පහතින් දැක්වේ.

-   ප්‍රතිරූප
-   භූමි දර්ශන
        -   මානව රූප සම්පිණ්ඩන
-   ත්‍රිත්ව දෙව්මැදුරේ බිතු සිතුවම්

ඩේඩිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ ශෛලිය හා චිත්‍ර මූලිකාංග සංරචන කිරීමේ ලක්ෂණ

  • ජිවගුණය හා කායික සුන්දරත්ව
  • මැනැවින් පිළිබිඹුවන ලෙස මානව රූප චිත්‍රණය කිරීම
  • චිත්‍රයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය
  • මිනිස් ඉරියව් ලාලිත්‍යයෙන් හා හැඟීම් ප්‍රකාශනයෙන් යුතු වීම
  • ත්‍රිමාන ලක්ෂණ සහිත ව දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත කිරීම
  • ක්‍රිස්තියානි තේමා නිරූපණය කිරීමේ දී යුරෝපීය සංස්කෘතිය හා භූතලය වෙනුවට ශ්‍රී ලාංකීය සමාජ පසුබිමක චිත්‍රණය කර තිබීම

ජයග්‍රාහි ලෙස ජෙරුසෙලමට ඇතුළුවීම

ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇති මෙම සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් කරන ලද නිර්මාණයකි. චිත්‍රයේ දක්වන මානව රූප ඉරියව් කායික සුන්දරත්වය දක්වන ලාලිත්‍යයෙන් යුතුව චිත්‍රණය කර ඇති අතර ඒවා හැඟීම් ප්‍රකාශනයෙන් යුතුව නිරූපණය කෙරේ. තලය මත රූප සංරචනය කිරීමේ දී පෙරබිම, මැද බිම හා පසුබිම මත රූප පිහිටවමින් චිත්‍රයයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය කර ඇත. ත්‍රිමාන ලක්ෂණ සහිතව වඩාත් රෝස පැහැයට හුරු දීප්තිමත් වර්ණමාලාවක් භාවිත කර ඇත. චිත්‍රයේ පසුබිම සඳහා දක්වා ඇත්තේ ජෙරුසරම කාන්තාරය වෙනුවට ලාංකීය වියළි කලාපීය කඳු සහිත භූ පරිසරයකි.


  • මෙම සිතුවම මහනුවර ත්‍රිත්ව දෙව්මැදුරේ දැකිය හැකි සිතුවමකි.
  • මින් නිරූපණය වන්නේ ජේසුස් වහන්සේ දේශනා කරන ලද උපමා කථාවක අවස්ථාවකි. එනම් යහපත් සමරිතානුවරයා පහරදීමකට ලක්වී තුවාල ලැබූ පුද්ගලයකු හට පිහිටවන ආකාරයයි.
  • ජේසුස් වහන්සේගේ කතා පුවත සහිත මහනුවර ත්‍රිත්ව දෙව්මැදුරේ බිතු සිතුවම්වල සුවිශේෂත්වය වන්නේ යුරොපීය සංස්කෘතිය හා භූතලය වෙනුවට ශ්‍රී ලාංකේය සමාජ පසුබිම නිරූපණය කර තිබීමයි.
  • ශ්‍රී ලාංකේය මිනිස් රූප, ඇඳුම් පැලඳුම් හා පරිසර ස්වභාවය මෙම චිත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණයෝ ය.
  • යුරෝපීය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවේ සංරචන සිද්ධාන්ත ලක්ෂණ වන ගැඹුර නිරූපණය කරන පර්යාලෝක ලක්ෂණ හා ත්‍රිමාන ලක්ෂණ භාවිතය මෙම නිර්මාණවල දැකිය හැකිය.