10 ශ්‍රේණියේ චිත්‍ර කලාව විෂයයට අදාළ මයිකල් ඇන්ජිලෝ ශිල්පියාගේ සිතවම්



දෙවන ජූලිස් පාප් වහන්සේගේ සොහොන් ගෙය - මයිකල් ඇන්ජිලෝ


ශුද්ධ වූ පවුල - මයිකල් ඇන්ජිලෝ


ආදම් මැවීම - මයිකල් ඇන්ජිලෝ


අන්තිම විනිශ්චය - මයිකල් ඇන්ජිලෝ


මෝසෙස් - මයිකල් ඇන්ජිලෝ


ඩේවිඩ් - මයිකල් ඇන්ජිලෝ


පියේටා - මයිකල් ඇන්ජිලෝ


අන්තිම විනිශ්චය - මයිකල් ඇන්ජිලෝ

පුනරුද යුගයේ (Renaissance Period) බිහිවූ ශ්‍රේෂ්ටතම චිත්‍ර ශිල්පියකු ලෙස ලියනාඩෝ ඩාවින්චි (for Grade 10 - Art Students)




■ පුනරුද යුගයේ (Renaissance Period) බිහිවූ ශ්‍රේෂ්ටතම චිත්‍ර ශිල්පියකු ලෙස ලියනාඩෝ  ඩාවින්චි හැඳින්විය හැකි ය. වර්ෂ 1452 වින්සි (Vinci) නුවර උපත ලද මොහු වෙරකියෝ චිත්‍ර ශිල්පියා යටතේ ශිල්ප හැදෑරූ අතර චිත්‍ර ශිල්පයට පමණක් නොව 
  • ගණිතය, 
  • විද්‍යාව, 
  • ඉංජිනේරු ශිල්පය, 
  • සංගීතය, 
  • ගෘහ නිර්මාණ ශිල්පය මෙන් ම 
  • සැලසුම් ශිල්පයට ද දස්කම් දක්වා ඇත. 

■ ඔහුගේ නිර්මාණ සඳහා ග්‍රීක රෝම කලා නිර්මාණවල මූලික කලා ලක්ෂණ හා විද්‍යාත්මක නව සෞන්දර්ය ප්‍රවේශ පදනම් වී ඇත.

ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම් කිහිපයක් 
පහතින් දැක්වේ.

1. පර්වත මස්තකයේ දේව මෑණියෝ (Vergin of the rocks)
2. අවසන් භෝජන සංග්‍රහය (The Last Supper)
3. මොනාලිසා (Monalisa)


1. පර්වත මස්තකයේ දේව මෑණියෝ (Vergin of the rocks)


■ ලන්ඩන් ජාතික කලාගාරයේ ප්‍රදර්ශනය කර ඇති මෙම සිතුවම වර්ෂ 1483 - 1500 කාලය තුළ නිර්මාණය කරන ලද්දකි.

■ පර්වත මස්තකයේ දේව මෑණියෝ සිතුවමෙන් දැක්වෙන්නේ මරියතුමිය අසලින් සිටින ජේසු බිළිඳා සහ ශාන්ත ජොන් බැප්ටිස් සමඟ සුරදූතියකි.

■ ත්‍රිකෝණාකාර ආකෘතියක් මත රූප සම්පිණ්ඩනය කර ඇති මෙම සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කර ඇත.

■මෙම නිර්මාණයේ දේවමෑණියන්ගේ මුහුණෙන් දැක්වෙන කරුණාභරිත බවත්, දරුවන්ගේ මොලකැටි බව මෙන් ම හැඟීම් ප්‍රකාශනය පෙන්වීමට ශිල්පියා ගෙන ඇති උත්සාහය සාර්ථක වී ඇත.

■ සිතුවමෙහි පසුබිම පැළෑටි සහ විවිධ හැඩවලින් යුක්ත ගල්කුළු පෙන්වා ඇති අතර පර්යාලෝක ලක්ෂණ සහිතව ඈතට විහිදී ගිය භූමි දර්ශනයක් නිරූපිත ය.

■ අඳුර තුළින් ආලෝකය වඩාත් තීව්‍ර ලෙස මතු කිරීම පිළිබඳ ශිල්පියා සතුව තිබූ පරිණත බව මෙම සිතුවමින් නිරූපණය කෙරේ. මෙම වර්ණ ගැන්වීමේ සිද්ධාන්තය කියරොස්කූරො (Chiaroscuro) ලෙස හඳින්වේ. දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත අඳුරු වර්ණමාලාවක් යොදා ඇති අතර අඳුර තුළින් මරියතුමියගේ හා දරුවන්ගේ මුහුණු වඩාත් ආලෝකමත්ව මතු කර දක්වා ඇත.

2. අවසන් භෝජන සංග්‍රහය (The Last Supper)


■ ලියනාඩෝ ඩාවින්චි විසින් මිලානයේ ලුඩෝවිකෝ ඉල්මෝරෝ ආදිපාදවරයා යටතේ සේවය කරන කාලයේ ශාන්ත මරියා ඩෙලාග්‍රේසි නැමති ඩොමිනිකානු තාපසාරාමයේ භෝජනාගාර බිත්තියක් මත ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කරන ලද්දකි.

■ අවකාශමය පර්යාලෝකය අනුව චිත්‍රණය කර ඇති මෙම සිතුවම මධ්‍යයේ ජේසුස්වහන්සේ දක්වා ඇති අතර, දෙපස අනුගාමිකයන් දොළොස් දෙනෙකි. ජුදාස් නැමති පාවාදෙන්නාගේ මුහුණෙහි ඇති කුතුහලය නිරුපණය කිරීම හැඟීම් ප්‍රකාශනය මැනැවින් දැක්වීමට ගත් උත්සාහයකි.

■ චිත්‍රය වර්ණ ගැන්වීමේ දී දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත අඳුරු වර්ණමාලාවක් ත්‍රිමාන හා පර්යාලෝක ලක්ෂණ සහිත ව යොදා ඇත.

■  කියරොස්කූරො (Chiaroscuro)  වර්ණ කිරීමේ සිද්ධාන්ත අනුව තලය මධ්‍යයයේ සිටින ජේසුස්වහස්සේ වඩාත් ආලෝකමත්ව මතු කර දක්වමින් සෙසු රූප අඳුරු වර්ණමාලාවකින් දක්වා ඇත.



3. මොනාලිසා (Monalisa)


■ ලියනාඩෝ ඩාවින්චිගේ විශිෂ්ට නිර්මාණයක් වන මොනාලිසා දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

■ මෙම සිතුවම පොප්ලර් නැමති ලීයක තෙල් සායම් මාධ්‍යයෙන්  නිර්මාණය  කර ඇත.

■ ෆැන්සිස්කෝ ජියෝකොන්ඩා නැමති වෙළඳ ව්‍යාපාරිකයාගේ බිරිඳ වූ ලීසාගේ උඩුකය රුව (Portrait) ලෙස සැලකෙන මෙම සිතුවම පිළිබඳ වෙනත් මත ද පවතියි.

■ මෙම සිතුවමෙහි පසුබිම සඳහා යොදා ඇත්තේ පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයකි.

■ මෙහි දී මුහුණට පපු පෙදෙසට, දෙ අත්වලට ත්‍රිකෝණාකාර සම්බන්ධතාව ගොඩනඟමින් යොදා ඇති ආලෝකය මෙන් ම මඳ සිනහව හා බැල්ම යනාදිය මෙම සිතුවමට ගෙන දෙන්නේ ආකර්ශනකි.







ජෝර්ජ් කීට් - 10 ශ්‍රේණියේ සිසුන් සඳහා (2 වන වාරය - චිත්‍ර)


ජෝර්ජ් කීට්

කීට් ක්‍රි.ව. 1901 අප්‍රේල් 17 වන දින මහනුවර අම්පිටියේ ආසියාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ජෝර්ජ් දී සිංහල බර්ගර් පවුලක උපත ලැබී ය. මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. ඔහු 43 කණ්ඩායමට අයත් චිත්‍ර  ශිල්පියකු වන අතර ගෝතමී විහාරයේ බිතුසිතුවම් ද නිර්මාණය කර ඇත.

නූතන යුගයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඔහු තම සිතුවම් නිර්මාණවලට හින්දු කලා ආභාසය හා යුරෝපයේ පැබ්ලෝ පිකාසෝගේ ඝනිකවාදී චිත්‍ර ශෛලියේ කලා ආභාසය සහිත ව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගැනීම දැකිය හැකි ය.

කොළඹ - බොරැල්ල ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවම් ඇඳීම වර්ෂ 1939 - 1940 කාලය තුළ සිදුවිය. ගෝතමී විහාරයේ බිතු සිතුවම් චිත්‍රාවලියක් සේ ඇඳ ඇති අතර එහි දැකිය හැකි සුවිශේෂී අවස්ථා කිහිපයක් පහත දැක්වේ. 
  •  මහමායා දේවිය දුටු සිහිනය
  • සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
  • සරණ මංගල්‍ය
  • නළඟනන්ගේ විකාර දැකීම
  • සතර පෙර නිමිති දැකීම
  • මාරපරාජය


මෙම සිතුවම් සෙ.මී. 192 ක් පමණ උස්වූ බිත්තියක ජීව ප්‍රමාණයෙන් ඇඳ ඇත. ජෝර්ජ් කීට් ශිල්පියා සිතුවම් නිර්මාණයේ දී  රේඛාවට ප්‍රධාන තැනක් ලබා දී ඇති අතර එම රේඛා සෘජු රේඛා, කෙටි රේඛා, වක්‍ර රේඛා වශයෙන් හඳුනාගත හැකි ය. නිතැතින් ම ගලායන ජීවමය ගුණයෙන් යුතු රේඛාවෙන් රූපවල පිරුණු බව මනා ව ඉස්මතු කර ඇත.

රතු, සුදු, දුඹුරු, කහ, නිල්, කොළ යන වර්ණ භාවිත කරමින් සියුම් ලෙස ත්‍රිමාන ලක්‍ෂණ මතු කර ඇත. මෙම සිතුවම් වියළි බදාමයේ අඳින ලද බිතුසිතුවම් ක්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කර ඇත.

මාරපරාජය

ගෝතමී විහාරයේ සිතුවම් අතර සුවිශේෂී සිතුවමක් ලෙස සැලකෙන ‘මාර පරාජය’ හින්දු කලා ලක්ෂණ හා පිකාසෝගේ ඝනිකවාදී ශෛලීය ලක්ෂණ ආභාසය කර ගත් නිර්මාණයකි.

■ ඝනිකවාදී හැඩතල භාවිත කිරීමෙන් මාරසේනාවේ මුහුණුවල රුදුරු භයංකර විලාසය මැනවින් ඉස්මතු කර ඇත.

■ මාර පිරිසට දුඹුරු, අ`ඵ, ක`ඵ වැනි අඳුරු වර්ණත් බුදුන්වහන්සේ සඳහා අඳුරු කහ, ලා දුඹුරු වැනි වර්ණත් යොදා ගනිමින් ත්‍රිමාන ලක්‍ෂණ සහිත ව සිතුවම වර්ණවත් කර ඇත.

■ රූප වටා පරිපූර්ණත්වය හා නිමාව පෙන්වන නිර්මාණශීලී රේඛාකරණය ඔහුට ම ආවේණික වූවකි.

නායිකා චිත්‍ර

■ ජෝර්ජ් කීට් ශිල්පියා විසින් නායිකා චිත්‍ර ගණනාවක් ඇඳ ඇත. මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වස් මත කරන ලද චිත්‍ර නිර්මාණයන් ය. නායිකා සිතුවම් අනුරාගී බවින් යුතු ප්‍රකාශනයන් වන අතර ඒ බව දැක්වීම සඳහා පු`ඵල් ඇස් හා පු`ඵල් දෙතොල් නිරූපණය කර ඇත. 


■ නිර්මාණයේ අලංකරණය මෙන්ම ප්‍රකාශන ශක්තිය තීව්‍ර කිරීම සඳහා ද රේඛාකරණය මැනවින් භාවිත කර ඇත. මෙම කලා නිර්මාණ සඳහා ආභාස වශයෙන් බටහිර ඝනිකවාදී කලා ලක්ෂණ මෙන් ම හින්දු දර්ශනයේ තන්ත්‍රයාන ලක්ෂණ ද ලැබී ඇතැයි විචාරක මතයයි. අඳුරු වර්ණ මෙන්ම පැහැදිලි දීප්තිමත් වර්ණ එකට සංකලනය කර වර්ණවත් කර තිබීම මෙම නායිකා සිතුවම්වලින් දැකිය හැකි ය.









ස්ථූපයක ආරක්‍ෂාව සඳහා කරවන ලද ගෙය.......................


චේතියඝරය

  හැඳින්වීම


ස්ථූපයක ආරක්‍ෂාව සඳහා කරවන ලද ගෙය චේතියඝරය වේ. එය ථූපඝර, වටදාගෙය, ධාතුඝර, සෑ ගෙය ලෙසද හැදින්වේ. ථූපඝරය ඉදිකරන ලද්දේ ථූපය වටා ඇති කවාකාර බිමෙහි ස්ථූපය වටා කළුගල් කණු පේළි දෙකක් සිටුවා ඒ මත කවාකාර වහලක් ඉදිකිරීමෙනි. චේතියඝරයක් ඉදිකිරීමේ මූලික පරමාර්ථය වූයේ අව්වෙන් වැස්සෙන් චෛත්‍යය ආරක්‍ෂාකර ගැනීමය. එසේම චෛත්‍යය වන්දනාකරුවන්ට සෙවණ සැලසීමද චේතියඝර ඉදිකිරීමෙහි තවත් පරමාර්ථයක් විය.

ආරම්භයේදී කණු දැවයෙන් කරවා පසු කලක ගල් කණු යොදන්නට ඇතැයි සිතිය හැකිය. ගල් කණු අටපට්ටම්ය. ඇතැම් කණුවල මුල් කොටස හතරැස්ව ද අග කොටස අටපට්ටම්ව ද තනා ඇත. මේ කණුවල හිස් වෙනම නෙළා කුඩුම්භි වලින් කණු මුදුනට සවිකල බව පෙනෙයි. රවුම් හා අටපට්ටම් වූ මේ කණු හිස්වල සිංහ, හංස, හා වාමන රූප නෙළා ඈඇත. මෙහි වහල මුදුන අර්ධ ගෝලාකාර ය. දැවයෙන් නිමවා පැතලි උළු සෙවිලි කර ඇත.

ලංකාවේ ප්‍රථමවරට චේතියඝරයක් ඉදිකිරීම පිළිබඳව සඳහන් වන්නේ අනුරාධපුර යුගයෙහි දේවානම්පියතිස්ස රජ දවසය. දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාම චෛත්‍යය ආවරණයකොට චේතියඝරයක් ඉදිකළ බව මහාවංශයේ සඳහන් වේ. එම චේතියඝරය තිබුණු බවට ඒ වටා ඇති ගල්කණු සාක්‍ෂි වශයෙන් අදද දක්නට ලැබේ. පසුකාලීනව වසභ රජතුමාද ථූපාරාමයට ථූපඝරයක් කරවූ බව වංශකථාවල සඳහන්ය. මීට අමතරව වසභ රජතුමාගේ බිසවක වූ පොත්තා කුමරිය ශ්‍රී මහා බෝධි මළු‍වෙහි චෛතයයක් කරවා එයට චේතියඝරයක්ද කරවූ බව මහාවංශයේ සඳහන් වේ. මේ අනුව චේතියඝරය චෛත්‍යයට ආරක්‍ෂාවක් මෙන්ම අලංකාරයක්ද ගෙනදුන් බව පැහැදිලි වේ.

ධාතුඝරය වර්ථමාන ව්‍යවහාරයේ හැදින්වෙන්නේ වටදා ගෙය නමිනි. ධාතුඝර ව්‍යවහාරයට ථුපය හා බුදුපිළිමය ද අයත් වන බව පෙනේ. අනුරපුර දිස්ත්‍රික්කයේ හත්ථිකුච්ඡි විහාරයේ ථුපඝරය බුදු පිළිම රහිත ව තැනූ පැරණිම නිදසුන ය. සිවු වැනි අග්බෝ රජු සමයේ සාදන ලද මණ්ඩලගිරි (= මැදිරිගිරිය) විහාරයේ ස්ථුපයට කරවන ලද දාගෙයි  දිසා හතර මුහුණ ලා හිදි ධ්‍යාන බුදු පිළිම හතරක් ඇත. අත්තනගල්ලේ වටදාගෙය ද මෙලෙස ම සැකසී තිබෙන්නට ඇත. ශ්‍රී ලංකාවේ වටදා ගෙය  නිමවා ඇත්තේ ඉන්දියාවේ වටදාගෙවලට වෙනස්ව ය. වටදාගෙය වෙනුවට ඉන්දියාවේ පැවතියේ චෛත්‍යය ගෘහය යි. චෛත්‍යය ගෘහ ලංකාවේ දී මුළුමනින්ම නවීකරණය වී ඇත. භාරතයේ දී මෙන් පිහිටි කළුගලින් නෙලනු වෙනුවට  ස්ථුපය වටා කළු ගල් පේලි දෙකක් සිටුවා

ඒ මත කවාකාර වහලයක් ඉදි කිරීමෙන් ලංකා වටදා ගෙය සැකැසිණි. එහි බිම් සැලැස්ම ම්ළුමනින් ම කවාකාර විය. ශාලාවක් ඉතිරි නොවූ අතර, ඉඩකඩ ඇති ප්‍රදක්ෂිණා පථයක් ඉතිරි විය. හතර පැත්තෙන්ම  මළුවට නැගීම සදහා පියගැට පෙළ විය. එමෙන් ම සිවුදෙස බලා සිටින බුදු පිළිම හතරක් ද තැන්පත් කර තිබේ. දැනට මෙබදු වටදා ගෙවල නටබුන් හොද තත්ත්වයෙන් දක්නට ලැබෙන ස්ථාන ලෙස පොළොන්නරුව හා මැදිරිගිරිය දැක් විය හැකි ය. පැරණි චෛත්‍යය වටාඇති ගල් කණු වලින් හෙළ වන්නේ එය වට කොට වටදා ගෙයක් තිබුණු බව යි.

අනුරාධපුරයේ ථූපාරාමය, ලංකාරාමය, රාජාංගනය, මිහින්තලේ අම්බස්තලය, දීඝවාපිය, මැදිරිගිරිය, තිරියාය ගිරිහඩු සෑය, අත්තනගලු වෙහෙර හා පොළොන්නරුව වටදාගෙය ආදිය දැනට පවතින නටබුන් ය.

ථූපාරාම වටදාගෙහි බිම් සැලැස්ම.


අනුරාධපුරයේ ථූපාරාම ටදාගෙ