එම්. සාර්ලිස් ශිල්පියාගේ සිතුවම් අගයමු”
■වර්ෂ 1880 ජූනි 25 වන දින අම්බලන්ගොඩ උපත ලබමින් 1955 නොවැම්බර් 21 දින අප අතරින් සමුගත් එම්. සාර්ලිස් (මාලිගාවගේ සාර්ලිස්) බෞද්ධ චිත්‍ර කලාවේ නව පුනරුදයක් ඇති කළ ශිල්පියෙකි.
■ටවර් නෘත්‍ය ශාලාවේ චිත්‍ර වස්ත්‍ර සකස් කළ රිචඞ් හෙන්රිකස්ගේ බටහිර චිත්‍ර කලා ශෛලීය ලක්ෂණ එම්. සාර්ලිස්ගේ බෞද්ධ චිත්‍ර නිර්මාණ සඳහා ආභාසය විය.
■එම්. සාර්ලිස් ශිල්පියාගේ බෞද්ධ සිතුවම් නිර්මාණ, විහාර සිතුවම් හා ලිතෝ මුද්‍රිත සිතුවම් ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි ය.
■යටත් විජිතකරණය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී තිබූ බි්‍රතාන්‍ය රැජිනගේ රූප වෙනුවට බෞද්ධ චිත්‍ර, සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය කිරීමට පුරෝගාමී වූයේ එම්. සාර්ලිස් ශිල්පියා ය.
■ඔහු විසින් අඳින ලද බෞද්ධ සිතුවම් 1923 දී ජර්මනියට යවා ලිතෝ මුද්‍රිත ක්‍රමයෙන් පිටපත් ලබා ගැනිණ. එවැනි සිතුවම් 36 ක් විය. පහත සඳහන් වන්නේ ඉන් කිහිපයකි.
- සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
- පියුම් පිට වැඩීම
- ශිල්ප දැක්වීම
- සිදුහත් යශෝධරා සරණ මංගල්‍යය
- සිදුහත් කුමරු හා මව් බිසව
- දුෂ්කර ක්‍රියාව
- සීවලී මහරහතන් වහන්සේ
■එම්. සාර්ලිස් ශිල්පියා විසින් සිතුවම් ඇඳ ඇති බෞද්ධ විහාරස්ථාන කිහිපයක් පහත
සඳහන් වේ.
- කොළඹ මාලිගාකන්ද විහාරය
- ඉඳුරුවේ යාලගම විහාරය
- මතුගම පාන්තිය ශ්‍රී මංගල විහාරය
- පොතුපිටියේ පූජාරාමය
එම්. සාර්ලිස් ශිල්පියාගේ සිතුවම්වල දැකිය හැකි කලා ලක්ෂණ
- මනා සම්පිණ්ඩනය
- පර්යාලෝක ලක්ෂණ දැක්වීම
- එළිය අඳුර හා ත්‍රිමාන ලක්ෂණ දැක්වීම
- දීප්තිමත් වර්ණ භාවිතය
- විචිත්‍ර සැරසිලිකරණය
- බටහිර ස්වභාවික ශෛලියේ ආභාසය
සිදුහත් කුමරු හා මව් බිසව (ලිතෝ මුද්‍රිත)
■අපරදිග/බටහිර ස්වභාවිකවාදී චිත්‍ර ශෛලියේ ආභාසය අනුව රූප රචනය කර ඇත.
■පුනරුද යුගයේ චිත්‍ර ශිල්පීන් අඳින ලද මරියතුමිය හා ජේසු බිළිඳා දැක්වෙන මැඩෝනා චිත්‍රවල ආභාසය දැක ගත හැකි ය.
■සිතුවමේ මානව රූප සඳහා විචිත්‍ර ලෙස යොදා ඇති වස්ත්‍රාභරණ පෙරදිග ශෛලියේ ආභාසය පෙන්නුම් කරයි. විශේෂයෙන් ඉන්දියානු සම්ප්‍රදායේ ඇඳුම් පැලඳුම්වල ලක්ෂණ කැපී පෙනේ.
■රූපවල ත්‍රිමාන ලක්‍ෂණ ඉතා හොඳින් මතු කර ඇති අතර විචිත්‍ර වර්ණමාලාවක් ද වේ.
■සිදුහත් කුමරු හා මව් බිසව දක්වා ඇත්තේ මාළිගා අභ්‍යන්තර සමීප රූප දර්ශනයක්ලෙස ය.
■සමස්ත සිතුවමේ පෙරබිම සහ පසුබිම පමණක් දක්වා ඇත. මාළිගා කවු`ඵවෙන් පෙනෙන පසුබිම පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක් ලෙස දක්වා ඇත.
පියුම් පිට වැඩීම (ලිතෝ මුද්‍රිත)
■චිත්‍ර අවකාශයේ ගැඹුර මතුවන සේ පර්යාලෝක ලක්ෂණ පෙන්වමින් ස්වභාවිකවාදී ශෛලියකින් රූප සංරචනය කිරීම දක්නට ලැබේ.
■පෙරබිම, මැදබිම සහ පසුබිම යන තල මත පර්යාලෝක ලක්ෂණයට අනුගත වෙමින් රූප හා සිද්ධි ගණනාවක් සිතුවම් කර ඇත.
■සිතුවමේ පසුබිම අවකාශ පර්යාලෝක ලක්ෂණ සහිතව භූමි දර්ශනයකින් සමන්විත ය.
■ත්‍රිමාන ලක්ෂණ මතුවන සේ විචිත්‍ර වර්ණමාලාවක් භාවිත කර ඇත.
No comments:
Post a Comment