මයිකල් ආන්ජිලෝ

 මයිකල් ආන්ජිලෝ
■ මයිකල් ආන්ජිලෝ ක්‍රි.ව. 1475 ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ කාසල් කැප්රීස් නම් ස්ථානයේ දී උපත ලැබී ය.

■ ඔහු චිත්‍ර, මූර්ති හා කැටයම් කලාව හා වාස්තු විද්‍යාව සඳහා සහජ දක්ෂතාවක් දැක්වූ අතර පුබුදු යුගයේ බිහි වූ විශිෂ්ට කලා ශිල්පියෙකු ලෙසින් හැඳින්විය හැකි ය.

■ ඔහු විසින් කිරිගරුඬ මාධ්‍යයෙන් කරන ලද විශිෂ්ට මූර්ති පහතින් දැක් වේ.

- පියෙටා
- ඬේවිඞ්
- මෝසෙස්
- මියයන වහලා
- කැරලිකාර වහලා
- සස වැනි  ජුලියස් පාප්තුමාගේ සොහොන් ගෙය
- බෲගස්හි මරිය මව්තුමිය


■ මයිකල් ආන්ජිලෝ ශිල්පියා සිස්ටයින් දෙව්මැදුරේ අඳින ලද සිතුවම්වලට අමතරව ශූද්ධ වූ පවුල නමින් කැන්වසය මත තෙල් සායම් මාධ්‍ය සිතුවමක් ද නිර්මාණය කර තිබේ.

ශූද්ධ වූ පවුල


පියෙටා



■ මයිකල් ආන්ජිලෝ මෙම මූර්තිය නිර්මාණය සඳහා තේමා කරගෙන ඇත්තේ කුරුසියෙන් ඉවත් කරන ලද මිය ගිය ජේසුස් වහන්සේගේ අප්‍රාණික සිරුර මරිය මවිතුමිය විසින් උකුලෙහි හොවාගෙන සිටින ආකාරයයි.

■ “ කිරිගරුඬ” මාධ්‍යයෙන් නෙළා ඇති මෙම පූර්ණ උන්නත මූර්තිය රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ ප්‍රදර්ශනය කර ඇත.

■ ජේසුස් වහන්සේගේ අප්‍රාණික ශරීර ස්වභාවය තාත්විකව හා මරියතුමියගේ ස`ඵපිළිවල රිද්මයානුකූල බව ඉතා ස්වභාවිකව කිරිගරුඬ මාධ්‍යයෙන් නිරූපණය කර ඇත.

■ මව සහ පුතු සමවයස්ව දැක්වීමෙන් දිව්‍යමය ස්වභාවය මතුකිරීමට උත්සාහයක් දරා ඇත.

■ මානුෂිකත්වය පිළිබඳ අනුවේදනීයත්වය මෙම නිර්මාණයෙන් ධ්වනිත කරයි.

ඬේවිඞ්


■ ශක්තිය, නිර්භීතභාවය, මානව දයාව හා තාරුණ්‍ය යන ගුණාංග මෙම මූර්තියෙන් මැනැවින් නිරූපිත ය.

■ කිරිගරුඬ මාධ්‍යයෙන් පූර්ණ උන්නත ලෙස නිර්මාණය කර ඇති මෙම ප්‍රතිමාව අඩි 14 අඟල් 03 පමණ උසින් යුතු නග්න පුරුෂ රුවකි.

■ ග්‍රීක-රෝම මූර්ති සම්ප්‍රදායට අනුව මානව දේහයේ සුන්දරත්වය, කඩවසම් බව හා රිද්මය ස්වභාවික හා තාත්විකව නිරූපණය කර ඇත.

■ෆ්ලෝරන්ස් හි ගැලරියාඩෙල් ඇකඩමියේ ප්‍රදර්ශනයට තබා ඇත.

■  ක්‍රි: ව: 1501-1504 කාලයේ දී මෙම නිර්මාණය නිමකර ඇත.

■ ඩෙවිඞ් යනු රෝමයේ ගොලායන් නම් වූ මිලේච්ඡයා කැටපෝලයකින් විද මරා දැමූ කොලුගැටයෙකි. පුරාණ රෝමයේ ඬේවිඞ් හැඳින්වූයේ වීරයෙකු ලෙසය.


ආදම් මැවීම

 මයිකල් ආන්ජිලෝ විසින් රෝමයේ සිස්ටයින් දෙව් මැදුරේ ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයෙන් නිර්මාණය කරන ලද වියන්තල සිතුවම් අතුරින් වැදගත් නිර්මාණයකි.

■ මෙහි විශේෂත්වය වන්නේ දෙවියන් වහන්සේගේ රුව බොහෝ ක්‍රිස්තියානි ශිල්පීන් විසින් නිරූපණය නොකරන ලද ලෙස සාමාන්‍ය මිනිස් රුවක ස්වරූපයෙන් නිර්මාණය කර දැක්වීමයි.

■ මෙම සිතුවමින් නිරූපණය වන්නේ දේව දූතයින් සමඟ සිටින දෙවියන් වහන්සේ ආදම් වෙත ඇඟිල්ල දිගු කර සිටින අතර ආදම් විසින් දෙවියන් වහන්සේ වෙත අත දිගු කර සිටින ආකාරය යි.

■ මෙහි දී දෙවියන් වහන්සේගේ මහලු ස්වරූපය සහ ආදම්ගේ තාරුණ්‍ය මැනවින් නිරූපණය කර තිබේ.

 ■ ඔහුගේ මූර්තිවල දැකිය හැකි ශක්ති සම්පන්න හා ජවසම්පන්න බව මෙම චිත්‍ර නිර්මාණයෙහි ද මැනවින් දැකිය හැකි ය.


අන්තිම විනිශ්චය



■ රෝමයේ වතිකානු නගරයේ සිස්ටයින් දෙව් මැදුරේ අල්තාරය පිටුපස බිත්තියේ මෙම සිතුවම නිර්මාණය කර ඇත.

■ ලොව විශාලතම ප්‍රෙස්කෝ සිකෝ සිතුවම ලෙස සැලකෙන මෙය අඩි 48x 44 ප්‍රමාණයෙන් යුක්ත ය.

■ මයිකල් ආන්ජිලෝ විසින් මෙම චිත්‍රය ප්‍රධාන කොටස් 3 කට බෙදා එය ස්වර්ගය, මනුලොව හා පරලොව ලෙස සංකේතාත්මකව නිරූපණය කර ඇත.

■ ශිල්පියාට ආවේණික වූ ස්වභාවික හා තාත්වික ශෛලීය ලක්ෂණ සහිතව මෙම චිත්‍රය සංරචනය කර තිබේ.

■ එහි දී මිනිස් රූපවල කායික ලක්ෂණ හා ක්‍රියාකාරී ලක්ෂණ සමග හැඟීම් ප්‍රකාශනය මැනවින් නිරූපණය කර ඇත.














1 comment:

  1. ඒ කාලෙ මිනිස්සු ඇදුං ඇන්දෙ නැද්ද? එහෙම නැතතං මයිකල් ඇන්ජලො කියන්නෙ හෙන ලිංගික අසහනයෙන් පෙලුන මනුස්සයෙක්ද?

    ReplyDelete